sri lankan e - youth

නිෂාන්ත අයියේ.ඔයාට සුභම සුභ උපන්දියයක්. මීට ඔයාගේ ආදරනීය සුදූ නිරාෂා / ඉෂාරා නංගී. ඔයාට මම ගොඩාක් ආදරෙයි, ඔයාගෙම ධනංජය අයියා. / ඔබේ ආදරනීයන්ට සුභපතන්න, අදහස් ප්‍රකාෂ කරන්න ඔබේ පණිවිඩය සදහන් කර 0766 26 14 10 ට SMS එකක් එවන්න. /ගල්නෑවේ, හිරිපිටියාවේ, බුල්නෑවේ කොල්ලො කෙල්ලො සෙට් එක අපිත් එක්ක එකතුවෙන්න. ජීවිතය ජයගන්න.

ගණිකා වෘතිය.

මේ මාතෘකාවටනම් ගොඩක් අය කැමති වෙන්න පුළුවන්. මොකද මේවනවිට අන්තර්ජාලයේ sex කියන වචනය සොයා ඇති වැඩිම රටවල් අතරට අපේ රටත් අයත් වෙනවනේ. මෙ ගැන නොවුනත් මීට අධාල වන මාතෘකාවක් ගැනයි මේ කතා කරන්න හදන්නේ. ඒ තමයි ගණිකා වෘතිය. මේ ගැන එක එක අය විවිධ කතන්දර කියනවනේ. සමහරු කියනව ගණිකා වෘත්තිය ලංකාව තුල නීති ගතකළ යුතුයි කියලා. තවත් සමහරු කියනවා එහෙම කරන්න දෙන්න බෑ. මේක බෞද්ධ රටක් නිසා කියලා. ඒ තර්කයනම් මෝඩම අදහසක්. මොකද බුදු දහමේ සදහන් කරල තියනවා මත්පැන් පානය කිරීමත් වැරදි දෙයක් කියල. ඒ උනාට බාර් ලයිසන් දෙනවනේ. එතකොට මේක බෞද්ධ රටක් කියල අමතක උනාද දන්නේ නෑ. මෙතනදි අපි කතාකරන්න හදන්නේ මේකෙ හොද නරක නෙවෙයි. ගණිකාවක් කියන්නේ කවුද? ඒක බිහි උනේ කොහොමද කියලා. මේ ලිපිය කියවගෙන යනකොට සමහර අයෙකුට දුකක් හිතෙන්න පුළුවන්. සමහරෙකුට තරහක් එන්නත් පුළුවන්. ඒක ඔබට බාරයි. ගණිකාව/ගණිකා වෘතිය ගැන විකීපීඩියා වල සදහන් කර ඇත්තේ මෙන්න මෙහෙමයි.

වැඩිදුර විස්තර කියවන්න මේතනින් පිවිසෙන්න.(මේ මත clike කරන්න.)

ගුවන් යානා ගැන දැනගන්න.

ගුවන් යානා ගැන දැනගන්න කැමති අයට මෙන්න තියනවා ඒ සම්බන්ධව ලිපි පෙලක්ම. ගුවන් යානය ඉහල යන, ගොඩ බාන තාක්ෂණය, ගුවන් යානා නිපදවන තාක්ෂණය, ගුවනේදී සිදුකරණ ක්‍රියාකාරකම් ඇතුළු බොහෝ දේ පිළිබදව මේ ලිපිය මගින් ඔබට දැනගන්න පුලුවන්.

මෙතනින් පිවිසෙන්න.(මෙය මත clike කරන්න.)

පිරමීඩ ගැන දන්නවද?

අභිරහස් ගැන, අතීතය ගැන, සැගවී ඇති දේවල් ගැන කතාකරන්න ගොඩක් දෙනෙක් කැමතීනේ. ඒ අතරින් ලෝකයේ ගොඩක් දෙනා කතා කරන, බොහොම ප්‍රසිද්ධ දෙයක් තමයි පිරමීට කියන්නේ. මේවා ඉදිකරල තියන තාක්ෂණය හරි පුදුමයිලු. සමහරු කියනවා මේවා හදන්න ඒ කාලේ මිනිස්සු පිටසක්වල ජීවීනුත් සම්බන්ධ කරගතතා කියලා. ඒ වගේම මේව ඇතුලේ අභිරහස් ගොඩක් සැගවිලා තියනවා කියලයි බොහෝ දෙනා කතා කරන්නේ. ඒ නිසාම අපි ඒ ගැන පොඩ්ඩක් හොයල බලද්දි තමා මේ බ්ලොග් අඩවිය අපිට හමු උනේ. ඔයලත් එකට ගිහින් කියවලා බලන්නකො පිරමීඩ ගැන වැඩි විස්තර. පිවිසෙන්න මේය මත clike කරන්න

ජංගම දුරකථනය බිහි වූ හැටි මෙන්න.

ගොඩක් දෙනෙක් phone එක කනේ ගහගෙන තෝරතෝන්චියක් නැතුව පාර පුරා යනවා. සමහරු උදේට නැගිටින්නේ phone එක දිහා බලාගෙන. නිදාගන්නේත් phone එක දිහා බලාගෙන. තවත් සමහරු තමන්ගේ පෙම්වතියට/පෙම්වතාට/, සැමියට/බිරිදට වඩා ආදරේ කරන්නේ phone එකටනේ. තවත් සමහරුන්ට phone එකම ජීවිතේ වේලා. ඉතින් එවා කොහොම උනත් අපි හිතනව ඔය කිසිම කෙනෙක් දන්නේ නැතුඇති මේ ජීවිත වෙනස් කරපු phone එක මුලින්ම මේ ලෝකෙට බිහි උන හැට්. ඒ ගැන ගොඩක් වැදගත් තොරතුරු මෙන්න මේ ලිපියේ තියනවා. කියවන්න. තවත් විස්තර බලන්න.(මේ ලිපිය අපේ නෙවේ හොදේ)

ජංගම දුරකථන කේත

ජංගම දුරකථනයක් ගත්තාම ඒ එක එකකට විවිධ දේවල් කිරීම සදහා/ එ කියන්නේ එකේ Settings සකස් කිරීම සදහා මේන්ම විවිධ වැඩකෑලි දාන්න එක එක කේත තියනවා. අපි phone එකක් කෙනෙක්ට හදන්න දුන්නාම එයාලත් බොහෝ දුරට කරන්නේ මේ කෝඩ් ගහල බලන එක තමයි. එහෙම හදන්න බැරිනම් ඊලග පියවරට යනවා. වෙන කෙනෙකුට හදන්න දෙනවට වඩා අපිම අපේ දුරකථනය හදාගන්න එක හොදයිනේ නේද? ඒකට ඉතිං මේ කෝඩ් දැනගෙන ඉන්න වෙනවා. මෙන්න තියනවා ඒ කෝඩ් ටිකක්. මෙතනින් පිවිසෙන්න. තවත් විස්තර බලන්න.

computer Shortcut

අප පරිගණකය භාවිතා කිරීමේදී, පරිගණකය මෙහෙයවීම සදහා කෙටි මාර්ග භාවිතා කිරීම (Shortcut) මගින් කාලය ඉතිරිකරගනිමින් ඉක්මනින් තමන්ට අවශ්‍ය ක්‍රියාවලිය සිදුකරගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් හුරුවෙලා ඉන්නේ Mouse එක භාවිතා කරල වැඩ කරන්නනේ. ඒකෙන් වෙන්න කාලය අනවශ්‍ය ලෙස වැය කිරීමක්. කෝ කෝ සිස්ටම් එක කියල අපි විහිළුවට කියන්නේ. අරක කෝ. මේක කෝ කියල Screen එක පුරා හොයලා හොයල තමයි clike කරන්නේ. අද සිට ඔබ වෙනස්වෙන්න. යතුරු පුවරුව හොදට හුරුවන්න. ඊට පස්සේ කෙටි මාර්ග (Shortcut) හුරු වෙන්න. අන්න එතකොටයි අපි පරිගණකය මෙහෙයවන වේගය දියා බලාගෙන ඉදල අනිත් අය කියන්නේ " ෂා. එයානම් නියම වැඩ්ඩෙක්" කියලා. තවත් විස්තර බලන්න.

පරිගණකය ලග වාඩිවෙනකොට පරිස්සමෙන්.

මෙහෙම කීවාම කෙනෙක් බයවෙන්න පුළුවන්, "ඇයි computer එක පුපුරයිද?" කියලා. නෑ නෑ එහෙම දෙයක් නෙවේ වෙන්නේ. හැබැයි ඊටත් වඩා භයානක දෙයක් නම් සිද්ද වෙනවා ඔබට නොදැනීම. මේ වනවොට බොහෝ දෙනෙක් තමන්ගේ රැකියා ස්ථානයේ, නිවසේ පැය ගානක්, බොහෝවිට දවසම පරිගණකයක් ඉදිරියේ ඉදගෙන ඉන්නවනේ. මෙහෙම වැඩ කරන අයගේ පොදු ගැටළුවක් තමයි, කොන්දේ අමාරුව, බෙල්ලේ අමාරුව, අත් කකුල් හිරිවැටෙන එක. ඒකට හේතු වෙන්නේ ඔබ පරිගණකය ඉදිරියේ වාඩි වී සිටින ඉරියව්ව. නිවැරදි ඉරියව්වෙන් පරිගණකය භාවිතා කරනවනම් එහෙම ගැටළුවක් එන්නේ නෑ. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යෙන් නැරබිය යුතු ලිපියක් තමයි මේ තියන්නේ. ඉංග්‍රීසි පොඩ්ඩක් අවුල් වගේනම් රූප ටික හරි බලල තේරුම් ගන්න කොහොමද පරිගණකය ලග වාඩිවෙන්න ඔනේ කියන එක. මෙතනින් යන්න.